නිවිතිගල ස්ථානාධිපති ගෙදර යවයි

නිවිතිගල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

නිවිතිගල, කිරිබත්ගල, එරබද්ද ප්‍රදේශයේ වත්තක මීට දින කිහිපයකට ඉහතදී මැණික් ඉල්ලමක් මතුව ඇති අතර ඒ සමග එම ප්‍රදේශයේ වැසියන් එම ස්ථානයට ගොස් මැණික් සෙවීමට පටන්ගෙන ඇත.


මෙහිදී ඇති වූ තත්ත්වය පාලනය කිරීම හා රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීමේ චෝදනා මත නිවිතිගල පොලීසියේ ස්ථානාධිපතිවරයා තාවකාලිකව සේවයෙන් පහකර ඇති බව පොලිසිය කියයි.



Post a Comment