තවත් තිදෙනෙක් මෛත්‍රීට

ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සන්දනායක මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.

අද(19) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.


මේ අතර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් ද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.


අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙම නාගරික මන්ත්‍රීවරු දෙදෙනා මේ බව ප්‍රකාශ කර සිටියේය.


ධනුක විශ්වජිත් සහ රංජන් පොන්නම්පෙරුම යන මන්ත්‍රීවරුන් මෙසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි.


ධනුක විශ්වජිත් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ද ලබාගෙන ති‍බේ.



Post a Comment