ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව මේ දක්වා මැතිවරණ පැමිණිලි 280ක් ලැබි ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඉන් පැමිණිලි 29ක් බරපතළ සිදුවීම්වලට අදාළ පැමිණිලි වන අතර සුළු පැමිණිලි 251ක් ලැබි ඇති බව එම කාර්යාලය සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයෙන් බරපතළ සිදුවීම් වලට අදාළ පැමිණිලි 09ක් ලැබි ඇති බව සඳහන් වෙයි.
අනුරාධපුරය දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 05ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 04ක් ද, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලින් පැමිණිලි 02 බැගින් ද ලැබි ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේය.
මීට අමතරව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ද එක් පැමිණිල්ල බැගින් ලැබි ඇති බව සඳහන් වෙයි.

Post a Comment