ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට පැසසුම්

යුරෝපීය සංගමයේ අධිකරණයක් මගින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ තහනමට අදාළව ලබාදුන් තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අධිකරණ තීන්දුව මගින් එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් යුරෝපීයේ ක්‍රියාත්මක කණ්ඩායම් වලට හිතකර තත්ත්වයක් උදාවී ඇති බවයි.


කෙසේ වෙතත් අදාළ තීන්දුවට එරෙහිව යුරෝපීය සංගමයේ කවුන්සිලය ඇපෑලක් ඉදිරිපත් කිරීම කාලීන පියවරක් බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.


ශ්‍රී ලංකාව යුරෝපීය සංගමයේ සාමාජික රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි.


එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වයට එරෙහිව යුරෝපීය සංගමයේ සාමාජික රටවල් ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකාව සහය දක්වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.


පසුගිය ඔක්තෝබර් 16 වැනිදා යුරෝපීය සංගමයේ අධිකරණයක් මගින් එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සැළකීම වලකාලමින් සහ එම සංවිධානයට පනවා තිබු සම්භාධක ලිහිල් කරමින් තීන්දුවක් ලබා දෙන ලදී.



Post a Comment