පොදු අපේක්ෂකගේ වේදිකාව ගිනිතැබුවාට නි.ඇමතිගේ තිදෙනෙක් දැලේ

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වදුරඹ ප්‍රදේශයේ ප්‍රචාරක රැළියක් සඳහා සූදානම් කර තිබු ස්ථානයකට අලාභහානි සිදුකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආධාරකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය කියා සිටියේ උඩුගම සහ ගාල්ල ප්‍රදේශ වල පදිංචි සැකකරුවන් අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.


කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියා සිටියේ තමන් සමග පොලිසිය වෙත ගිය අහිංසකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.


තමන් ද අද දිනයේ බලහත්කාරයෙන් සිරගත වන බව ද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.


අදාළ ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පොලිසියට නියෝග කර තිබු අතර ඒ සම්බන්ධයෙන් ලැබී තිබු සී.සී.ටී.වි දර්ශන ඔස්සේ වදුරඹ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.



Post a Comment