පමුණුගම මුහුදේ දියනෑමට ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිළී අතුරුදහන්ව තිබේ.
තවත් පාසල් සිසුන් දෙදෙනෙකු සමග ඊයේ පස්වරුවේ අදාළ සිසුවා දියනෑමට ගිය අවස්ථාවේ රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
අනතුරට ලක්ව ඇත්තේ පමුණුගල ගොන්සාවේස් විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
අතුරුදන්වූ පාසල් සිසුවා සෙවීමේ කටයුතු නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව සිදුකෙරෙයි.

Post a Comment