හෝකන්දර උතුර ගුවන් අනතුර-ඉතිරිවූ සෙබළාත් මිය යයි

හෝකන්දර උතුර ,හොරහේන ප්‍රදේශයේ පසුගිය සතියේ සිදුවු ගුවන් අනතුරෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගුවන් හමුදා සෙබළා මියගොස් තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම සෙබළා ඊයේ රාත්‍රියේදී මියගොස් ඇති බවයි.


රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔහු සැත්කම් කිහිපයකට ද ලක් කර තිබුණි.


මියගොස් ඇත්තේ ගුවන් භට ජී.කේ එන් චතුරංග වන බව ගුවන් හමුදාව නිවේදනය කරයි.


පසුගියදා ගුවන් අනතුර සිදුවු අවස්ථාවේදිම ප්‍රධාන ගුවන් නියමුවා සහ සහායක නියමුවා ඇතුළු නිලධාරින් සිව්දෙනෙකු මියගියහ.



Post a Comment