මෙම පහරදීම සිදු කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රථයකින් පැමිණි ඔහුගේ ආධාරකරුවන් බවට සැක කෙරෙන පිරිසක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
අද (19) දින වැල්ලම්පිටියේදී පැවැත්වෙන ජනහමුව පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කිරිමට පෝස්ටර් අලවමින් සිටි තම ආධාරකරුවන් පිරිසකට පාන්දර 5.10ට පමණ මෙම පහරදීම සිදු කළ බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.
මෙම පහරදීමෙන් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත්, ප්‍රහාරකයන් පැමිණ ඇත්තේ ‘මෛත්‍රී පාලනයක්‘ යනුවෙන් ස්ටිකර් අලවා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කරන වෑන් රථයකින් බවත් පහරකෑමට ලක්වූවෝ කියා සිටිති.
මෙලෙස ප්‍රහාරයට ලක්වූ හේමසිරි පෙරේරා මහතා කියා සිටියේ තමාගේ ත්‍රී රෝද රථයෙන් පෝස්ටර් අලවමින් යමින් සිටි බවත්,කොළොන්නාව-ගොතටුව, බෝපැත්ත හංදියේ ත්‍රී රෝද රථය නවතා පෝස්ටර් අලවමින් සිටියදී මෙම පහරදීම සිදුවූ බවත්ය.
ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මේ වන විට හිඹුටාන රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, මෙම ප්‍රහාරය පිළිබඳ වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් හේමසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment