හබරාදූව පුංචි ප්‍රා.සභාවේ විපක්ෂයේ දෙදෙනෙක් සන්ධානයට එක්වෙති

හබරාදුව ප‍්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී අසේක එදීරිවීර හා එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රී නාමල් පි‍්‍රයන්ත යන මහත්වරුන් දෙදෙනා ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහයදීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමට හබරාදූව පෙදෙසේ පැවති ජනහමුවකදී එක්සත් ජනතා නිදහස් සංධනය සමග එක්වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

හබරාදුව ප‍්‍රදේශීය සභාවේ බලය එක්සත් නිදහස් පක්‍ෂ සතුවන අතර එක්සත් ජතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 04 දෙනෙකු තේරී පත්ව සිටින ලදී.


මෙලෙස සන්ධානයට එක්වුයේ ඉන් එක් අයෙකු වන අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හබරාදුව ප‍්‍රාදේශීය සභාවේ සිටියේ එක් මන්ත‍්‍රීවරයෙකී.


ඒ අසේක එදිරිවීර මහතායි.


ගාල්ල පාර්ලිමේන්තු මන්ත‍්‍රී නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි මහතාට බුලත් හුරුල්ලක් ලබා දෙමින් ඔවුහු ආණ්ඩු පක්ෂයට එක්වූ බව අප වාර්තාකරු කියා සිටියි.



Post a Comment