මහනුවර, හසලක උඩුදහ ප්‍රදේශයේ පස්කන්දකට යටවීමෙන් මවක සහ දියණියක මියගොස් තිබේ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා කියා සිටියේ පස්කන්ද ඔවුන් සිටි නිවස මතට කඩා වැටීමෙන් අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
හසලක පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මව සහ දියණිය මුදාගෙන හසලක රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඔවුන් මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක් සහ 06 හැවිරිදි ඇගේ දැරියයි.
සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment