ට්රාන්ස්පේරන්ස්සි ජාත්‍යන්තරය විසින් ලෝක දුෂණ සංජනන දර්ශකයේ නවතම වාර්තාව ඊයේ නිකුත් කරනු ලැබීය.
රටවල් වල රාජ්‍ය අංශයේ දුෂිත මට්ටම කෙතෙක්ද යන්න පිළිබදව මෙහිදී සොයාබැලීම සිදුකර ඇත.
දුෂණය අඩුම රටවල් දර්ශකයේ ඉහළ ස්ථානයට පැමිණෙන අතර දුෂණය වැඩිම රටවල් දර්ශකයේ පහළ ස්ථානයට පැමිණෙයි.
ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව ලකුණු 38ක් ලබා ගනිමින් ලෝකයේ රටවල් 175ක් අතුරින් 85 වන ස්ථානයට පත්ව සිටියි.
පසුගිය වසරේ ලෝක දුෂණ සංජනන දර්ෂකයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 91 වන ස්ථානය වන අතර මෙවර එහි වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.
මෙවර දර්ශකයේ පළමු ස්ථානය ඩෙන්මාර්කයට හිමව ඇති අතර, අවසන් ස්ථාන හිමිව ඇත්තේ දකුණු කොරියාවට සහ සෝමාලිවටය.
ලෝක දුෂණ සංජනන දර්ශකයේ ඉන්දියාව ද 85 වන ස්ථානයේ පසුවන අතර බංගලාදේශයට හිමිව ඇත්තේ 145 වන ස්ථානයයි.
චීනය සියවන ස්ථානයට පැමිණ ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව පසුබෑමක් ලෙස වාර්තා වේ.
පකිස්ථානයට සහ නේපාලයට මෙවර ලෝක දුෂණ සංජනන දර්ශකයේ 126 වන ස්ථානය හිමිව ඇත.
Post a Comment