ජනපති සටනට දැනටමත් 12ක්

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයින් 12ක් මේ වනවිට ඇප මුදල්තැන්පත් කර තිබේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ඊයේ දිනයේ දී පුද්ගලයින් තිදෙනෙකු ඇප මුදල් තැන්පත් කළ බවයි.


දේශපාලන පක්ෂ 10 කින් සහ ස්වාධීන කණ්ඩායම් 02කින් සිය අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.


ඇප මුදල් බාර ගැනීම ලබන 07 වනදින දහවල් 12 න් අවසන් වන බව මැතිවරණය මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


මේ අතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද ඇයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.


අතිරේක මැතිවරණ කොමසාරිස් යු.අමරදාස මහතා සඳහන් කළේ තැපැල් ජන්ද අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමක් සිදුනොවන බවයි.



Post a Comment