සීතාවක උ.සභාපති ඇතුළු සන්ධානයේ 5ක් මෛත්‍රීටයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු 5 දෙනෙකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට තීරණය කර තිබේ.

දැනට ස්වල්ප මොහොතකට පෙර ඔවුන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුකට එක්වෙමින් මේ බව සඳහන් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.


ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන උප සභාපති ආනන්ද රූපසිංහ, මන්ත්‍රීවරුන් වන පූජ්‍ය දුම්කොළහේනේ රතනරංසි හිමි,චන්දන බාලසූරිය,යසිරු රාජපක්ෂ,ගයාන් දුමින්ද යන අය මෙලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයවීමට තීරණය කර තිබේ.



Post a Comment