බස් රථයක් ‍පෙරළි කුඩා දරුවෙක් එතනමයි - 44ක් රෝහලේ

දික්හේන, දම්පැල්ගොඩ ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථයක් අනතුරකය ලක්වීමෙන් කුඩා දරුවෙකු මියගොස් තවත් පුද්ගලයින් 44 දෙනෙකුට තුවාල සිදුවී තිබේ.

අද(01) උදෑසන අදාළ අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.


අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුර සිදු වී ඇති බව එම කාර්යාලය සඳහන් කර සිටියේය.


අනතුරින් තුවාල සිදුවු පුද්ගලයින් හය දෙනෙකු කෑගල්ල මුලීක රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල සිදුවූ අනෙකුත් පිරිසක උදුගොඩ ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.



Post a Comment