පොදු අපේක්ෂක අවබෝධතා ගිවිසුමට අද අත්සන් තබයි

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුට සහය පළ කරන සෙසු පක්ෂ සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම අද(01) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ.

ඒ අනුව අද(01) පෙරවරුවේ කොළඹ දි මෙම ගිවිසුම අත්සන් තැබෙන බව වාර්තා වෙයි.


පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පුජ්‍ය අතුරලියේ රතන හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා , ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා, ප්‍රජාතන්තවාදි පක්ෂයේ සරත් ෆොන්සේකා මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්වීමට නියමිත බව ද වාර්තා වෙයි.


කෙසේ වෙතත් අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමට ජාතික හෙළ උරුමය කටයුතු නොකරන බව එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රි වර්ණසිංහ මහතා අද දෙරණ සමග සඳහන් කළේය.


මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දි සහය ලබාදෙන්නේ කාට ද යන්න පිළිබඳව මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට හැකිවනු ඇති බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.


අද දෙරණ කළ විමසීමකදි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව පිළීබඳව උත්තරීතර මණ්ඩලයට දැනුම් දීමට කටයුතු කරන බවයි .


ඉන් අනතුරුව මෙම සහය පළ කරන පාර්ශවකරුවන් පිළිබඳව තීරණයකට එළඹෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.



Post a Comment