බාලවයස්කාරිය හා අඹුසැමි ඇසුරක් පැවැත්වූ පෙම්වතා රිමාන්ඩ්

වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරියක් සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බව කියන අයෙකු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දූල් කාදර් මහතා නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කල්පිටිය ධීවර ගම්මානයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි අයෙකු වන අතර අතවරයට ලක්ව ඇත්තේ කල්පිටිය - ධීවර ගම්මානයේ පදිංචිව සිටින දැරියකි.


තමන් නිවසේ නොසිටි අවස්ථාවක සැකකරු තම දියණිය සමග අඹු - සැමි ඇසුරක් පවත්වා ඇති බව අතවරයට පත්ව ඇති දැරිවියගේ මව කල්පිටිය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදඳහන් වේ.


සැකකරු හා අතවරයට පත්ව ඇති දැරිය අතර කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවත්,එම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අතවරය සිදුවී ඇති බවත් කල්පිටිය පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.


අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සහ ප්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ.



Post a Comment