සෞදි රියාල් ලක්ෂ 3ට ජීවත් වෙන්න වාසනාව පෑදෙයි

සෞදි අරාබියාවේ දී මරණ දඬුවම නියම වී තිබු ශ්‍රී ලාංකිකයෙකුට සමාව හිමිව තිබේ.

සෞදි අරාබියාවේ රියදුරෙකු වශයෙන් සේවය කර ඇති අදාළ ශ්‍රී ලාංකිකයා අතින් සිදුවු රිය අනතුරකින් සෞදි අරාබියානු ජාතිකයෙකු මියගොස් තිබුණි.


සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවීම හේතුවෙන් එම ශ්‍රී ලාංකිකයාට මරණ දඬුවම නියමවී තිබු බව සඳහන්ය.


කෙසේ වෙතත් අනතුරෙන් මියගිය සෞදි අරාබියානු ජාතික පුද්ගලයාගේ පියා විසින් අදාළ ශ්‍රී ලාංකිකයාගෙන් වන්දි මුදලක් ලබාගෙන එම චෝදනාවට සමාව දීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


පැමිණිලිකාර පාර්ශවයට සෞදි රියාල් ලක්ෂ තුනක මුදලක් ලබාදීමට විත්තිකාර ශ්‍රී ලාංකිකයාට නියම වී ඇති බව සඳහන්ය.



Post a Comment