පාසල් සිසුවා යතුරුපැදියෙන් අවසන් ගමන්යයි

පන්නිපිටිය, පැලැන්වත්ත පොල්කොටුව ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

අදාළ සිසුවා පැදවූ යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇත.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු සිසුවා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ පන්නිපිටිය, පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.


අනතුර සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment