බිල් නොගෙවන අයගේ ජලය කැපීම ජනවාරී 15 තෙක් අත්හිටුවයි

ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් සිදුකරගෙන යන ජල සම්බන්ධතා විසන්ධි කිරීම හෙට සිට තාවකාලිකව අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය තීරණය කර තිබේ.

හෙට සිට ලබන ජනවාරි මස 15 වන දින දක්වා කාලය තුල මෙලෙස ජල සම්බන්ධතා විසන්ධි කිරීම අත්හිටුවන බව එම අමාත්‍යංශය පවසයි.


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ සර්ව ආගමික උත්සව රාශියක් අදාළ කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය නිවේදනය කරයි.


විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.



Post a Comment