සරත් ෆොන්සේකා මහතාගේ බෑනණුවන් වන ධනුන තිලකරත්න මහතාට ඇප ලැබීම වූ කලී පක්ෂ මාරුවේ ප්‍රතිඵලයක් යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ හිටපු නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා පවසයි.
තමන්ගේ පක්ෂ මාරුව නිසා සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵලයක් නිසා ඔහුට ඇප ලැබුණේ යැයි ඒ මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ඉදිරියේ දී ධනුන තිලකරත්න මහතාට මෙන්ම සරත් ෆොන්සේකා මහතාට ද තවත් සහන ලැබෙනු ඇතැයි එහීදි ප්‍රකාශ විය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් නායකයෙකු මැතිවරණයට ඉදිරිපත් නොකර පොදු අපේක්ෂකයෙකු මැතිවරණයට ඉදිරිපත් කළ නිසා බිම් මට්ටමේ එම පක්ෂයේ ක්‍රියාකාරීන් අසරණ වී ඇතැයිද ඔහු පෙන්වාදුන්නේය.
මෛත්‍රීගේ රැස්වීම්වල කොළ කොඩි වලට අමතරව නිල් කොඩි ද ඔවුන්ට ගැසීමට සිදුව ඇතැයි හෙතෙම පැවසීය.

Post a Comment