තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

මැතිවරණය පැවැත්වෙන ජනවාරි 08 වනදා දිනය තෙක් එම නියෝගය ක්‍රියාත්මක වන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ක්‍රියාත්මක වන සම්ප්‍රාදයාට අනුව මෙම තීරණය ගෙන තිබේ.


ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා, ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇතුළු කාර්යයන් රැසක් තැපැල් දෙපාර්තමේන්තුවට පැවරී ඇත.



Post a Comment