දීඝවාපිය ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ.
දමන පොලීසියට අනුයක්ත දීඝවාපිය පොලිස් මුරපොළේ රාජකාරි කටයුතුවල නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි.
අනතුරෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා අම්පාර රෝහලට ඇතුළත් කර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Post a Comment