බෝගම්බර බන්ධනාගාරයේ අතුරුදන් වු දැව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගැනීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඉපැරණි බෝගම්බර බන්ධනාගාරයේ දැව අලුතින් ඉදිකරන ලද පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරය වෙත ප්‍රවාහනය කරන අතරවාරයේ දී මෙලෙස අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි.
බන්ධනාගාරයේ තිබු ඉතා වටිනාකමින් යුත් දැව තොගයක් මෙලෙස අතුරුදන් වී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව සඳහන්ය.
වර්ෂ 1800යේ දී පමණ බුරුමයේ සිට මෙරටට ගෙන එන ලද දැව තොගයක් ද ඒ අතර වන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්වරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

Post a Comment