ලාංකික සරණාගතයින් නිසා ඔස්ට්‍රේලියාවට චෝදනා නැඟීම අසාධාරණයි

ඕස්ට්‍රේලියාවේ රඳවා සිටින ශ්‍රී ලාංකික සරණාගත පුද්ගලයින් සම්බන්ධයෙන් එරට රජයට එල්ල වී ඇති චෝදනා පිළිගත නොහැකි බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

දකුණු ඉන්දියාවේ ඕස්ට්‍රේලියානු කොන්සල් ජෙනරාල් සීන් කෙළී විසින් අදාළ චෝදනාවල අව්‍යාජ බව පැහැදිලි කරමින් මෙය ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.


එහිදි සීන් කෙළී පවසා ඇත්තේ නීති විරෝධි අයුරින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් එරට රජය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.


පසුගිය වසර කිහිපය තුළ පුද්ගලයින් 1200 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහදරා ඇති බව කොන්සල් ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇත.


කෙසේවෙතත් සරණාගතයින් රඳවා ගැනීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු නිර්ව්‍යාජ බව ඔප්පු වුවහොත් ඔවුන් නාවුරු දුපතේ පදිංචි කරවීමට පියවර ගන්නා බව ද දකුණු ඉන්දියාවේ ඕස්ට්‍රේලියානු කොන්සල් ජෙනරාල් සීන් කෙළී ප්‍රකාශ කර තිබේ.


නීතියට පටහැණි නොවන අයුරින් නිවැරදි මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් පිළිගැනීමට සැම විමට තම රජය සුදානමින් පසුවන බව ද ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.


මේ අතර කඳවුරුවල රඳවා සිටින සරණගතයින්ට ලබා දෙන පහසුකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඕස්ට්‍රේලියානු රජයෙන් අධිකරණයේ දී කරුණු වීමසීමක් සිදුකර ඇති බව ද වාර්තා වේ.



Post a Comment