මහනුවර, බහිරවකන්ද ප්‍රදේශයේ දී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.
නිවසේ මුරකරු ලෙස සේවය කළ පුද්ගලයෙකුට වැටුප් ගෙවීම සඳහා මෙම ව්‍යාජ මුදල් නෝට්ටුව භාවිතා කළ බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක වන අතර ඇය අද(12) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment