ලිඛිතව දෙන්නේ නෑ - විවාදයට ගත්තොත් කතා කරනවා

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලිඛිත කරුණු දැක්වීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කළේ එය ජාතික වැදගත්කමක් සහිත කරුණක් වීම හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුවීම වැළැක්වීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.


අද පස්වරු 03 ට පෙර අදාළ ලිඛිත කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබේ.


කෙසේ වුවද අදාළ කරුණ ශ්‍රේෂ්ඨාධිකරණයේ විවාදයට ගතහොත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සිය සංගමය තිරණය කර ඇති බව ද අජිත් පතිරණ මහතා සඳහන් කළේය.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අර්ථ නිරූපණයක් ඉල්ලා අදාළ කරුණ පසුගිය බදාදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබුණි.


ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබන සඳුදා ප්‍රකාශ කිරීමට නියමිතය.



Post a Comment