ස්ත්‍රීක්ක ඇතුළේ මිලියන 4ක රත්‍තරන්

රුපියල් මිලියන 04 ක් පමණ වටිනා රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පැරණි විදුලි ස්ත්‍රික්කවල සඟවා රත්‍රං බිස්කට් 04ක් ද සිය බෑගය තුළ සඟවා තවත් රන් බිස්කට් 04 ක් ද සැකකරු විසින් රැගෙන විත් ඇති බව රේගුව ප්‍රකාශ කළේය.


අදාළ රත්‍රං තොගයේ බර ග්‍රෑම් 800 ක් පමණ වේ.


සිද්ධියට සම්බන්ධ සැකකරු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු බව රේගුව පැවසීය.



Post a Comment