එකී බසය ඇතුළේ සිට අපි හෝ හෝ ගාමින් එය නිවැරදි පාරේ ගෙනයාමට උත්සාහ කරන බවද, එහෙත් එය තවදුරටත් වැරදි මාවතේ යන්නේ නම් බස් එකෙන් බහින්න සුදානම් බවද, මන්ත්‍රීවරයා අද (13) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ අපි දැන් ආණ්ඩුව දෙසට පන්දුව දමා ඇති බවයි.
ආණ්ඩුව එම පන්දුව යළි අපේ පැත්තට දමන ආකාරයට පිතිහරඹය දෙන්නේ කෙසේදැයි තීරණය කරන බවද ගම්මන්පිල මහතා පැවසුවේය.
ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ගැන කතා බහකට එළඹ නැති බවත්, තම පක්ෂයේ අරමුණ ආණ්ඩුවට ලබාදුන් යෝජනා ගැන ලැබෙන ප්‍රතිචාරය දෙස තවදුරටත් අවධානයෙන් බලා සිටීම බවත්, යැයිද හෙතෙම කියා සිටියේය.
එම මාධ්‍ය හමුවට සහභාගි වූ එම පක්ෂයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියා සිටියේ විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතික බලතල සංශෝධනය විය යුතු බව කියයි.
Post a Comment