නායයාම් අවදානම තාමත් එහෙමයි

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රීක්කවලට ප්‍රකාශයට පත් කර ඇති නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ පවතින අධික වර්ෂාවත් සමඟ ඊයේ පස්වරුවේ මෙම නායයෑමේ අවදානම ප්‍රකාශයට පත් කර ඇති බවයි.


වර්ෂාවත් සමඟ එම දිස්ත්‍රීක්කවල පස්කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.


මේ අතර නුවරඑළිය දිස්ත්‍රීක්කයේ හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ පස්වරුවේ එහි වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.


මාර්ග සංවර්ධන අධිකාරිය,ප්‍රදේශවාසීන් සමඟ එක්ව මේ වන විට මාර්ගය පිළිසකර කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.


මේ අතර අනුරාධපුර නව බස්නැවතුම ආසන්නයේ ඇති කුම්බිච්චන්කුලම වැවේ ජල කාන්දුවක් හටගෙන තිබේ.


ඊයේ පස්වරුවේ සිට මෙම ජල කාන්දුව සිදුවන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.


පොලීසිය, යුධ හමුදාව, වාරිමාර්ග නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව වැලිකොට්ට අතුරා ජල කාන්දුව නතර කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.


කෙසේ වෙතත් ඊට ස්ථිර විසඳුමක් ලබානොදුනහොත් වැව් බැම්ම පුපුරා යා හැකි බව වාරිමාර්ග නිලධාරීන් ප්‍රකාශකරයි.



Post a Comment