ගතවූ කාලයට අන්තර්ජාල පැමිණිලි 1800යි

වෙබ් අඩවියක ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමර්ග පිළිබඳව උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය තීරණය කර තිබේ.

එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ යම් පුද්ගලයෙකු වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට සූදානම් බවයි.


වෙබ් අඩවියක ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම මෙහිදි සිදුවනු ඇත.


වෙබ් අඩවි වලට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම නතර කිරීමට නම් එම වෙබ් අඩවියේ ආරක්ෂාව සඳහා නිසි ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය.


ඊට අවශ්‍ය මගපෙන්වීම සිදුකිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සුදානම් බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.


මේ අතර මේ වසරේ ගත වු කාලය තුළ අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 1800ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.


ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ෆේස්බුක් වෙබ් අඩවියට අදාළ පැමිණිලි බව හෙතෙම කියා සිටියි.



Post a Comment