ශ්‍රී ලාංකික සරණාගත ජනයාට ඉන්දියාව වඩා හොඳයිලු?

සරණාගතයින් ලෙස ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙකු තවදුරටත් එරට රැඳී සිටීමට කැමැත්ත පල කර තිබේ.

ඉන්දියාවේ මුම්බායිහි අධ්‍යාපන ආයතනයක් විසින් සිදුකළ සමීක්ෂණයකදි මේ බව අනාවරණය වී ඇති බයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


මෙම සමීක්ෂණය සඳහා ඉන්දියාවේ තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික පවුල් 520කගෙන් දත්ත එකතු කර තිබේ.


එහිදී සියයට 67ක පිරිසක් පවසා ඇත්තේ තවදුරටත් ඉන්දියාවේ රැඳී සිටීමට තමන් කැමැත්ත පල කරන බවයි.


සියයට 23 පමණ පිරිසක් යළි ශ්‍රී ලංකාවට යාමට කැමැත්ත පළ කර ඇති බව අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.


ශ්‍රී ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් සිදුකළ මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේ දී ඉන්දීය රජයට භාරදීමට නියමිත බව වාර්තා වේ.



Post a Comment