හෙළ උරුමය-ශ්‍රීලනිප සාකච්ඡා ගෙනියන්න කමිටුවක්

ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියා සිටියේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා සාර්ථකවූ බවයි.


ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කර ඇති නව යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.


අදාළ සාකච්ඡා පැය තුනකට අධික කාලයක් පැවති බව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.


මේ අතර ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි.


ටි.වි.දෙරණ ඔස්සේ විකාශය වු 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.


මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ලංකා සම සමාජ පක්ෂයේ සහය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.


පසුගියදා පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ඊට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බව වාර්තාවේ.


කෙසේ වෙතත් එම පක්ෂයේ ඇතැම් පිරිස් එම තීරණයට විරෝධතාව පල කර ඇති බවද සඳහන්ය.



Post a Comment