අලි කෙන්දෙන් මට්ටු වෙයි

අලි කෙන්දක් ළඟ තබාගත් සැකකරුවෙකු මස්කෙළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පස්වරුවේ අත් අඩංගුවට ගන්නා ලද අදාළ සැකකරු හැටන් දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් අමිල ආරියසේන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 20,000 ක දඩ නියමකර අලි කෙන්ද රාජසන්තක කිරීමට නියෝග කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.


මස්කෙළිය, බ‍්‍රවුන්ලෝ වත්තේ පදිංචි මෙම වරදකරු අලි කෙන්ද කොළඹ සිට රැගෙනවිත් මස්කෙළිය ප‍්‍රදේශයේ අයෙකුට අලෙවි කිරීමට සූදානම් බවට පොලීසියට ලැබුනු තොරතුරක් මත සැකකරුව අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී මෙම අලි කෙන්ද ඔහු ළඟ තිබී සොයාගෙන තිබේ.



Post a Comment