එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරගන්න පුළුවන්වෙයි

ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කිරීමට හැකි වනු ඇති බවට තමා විශ්වාස කරන බව එම්.ඩී.එම්.කේ.පක්ෂයේ නායක වයිකෝ පවසයි.

නවදිල්ලි මහාධිකරණයේ පැවති නඩු විභාගයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වයිකෝ මේ බව ප්‍රකාශ කර ඇත.


එම්.ඩී.එම්.කේ.පක්ෂ නායකයා පවසන්නේ ඉන්දියාවේ මීට පෙර තිබු ආණ්ඩුව විසින් පැනවු අදාළ තහනම තවදුරටත් පවත්වාගෙන යාම වත්මන් ආණ්ඩුව සිදුනොකළ යුතු බවයි.


කෙසේ වෙතත් කියු බ්‍රාන්ච් නියෝජ්‍ය පොලිස් පරීක්ෂක රාජාරාම් පවසා ඇත්තේ අදාළ තහනම ඉවත් කිරීම මගින් ත්‍රස්ත ක්‍රියාකාරකම් වර්ධනය වීමේ ඉඩක් පැවතිය හැකි බවයි.



Post a Comment