එස්.අයි සූර්වී 5ක් රෝහලේ

බීමතින් පොලිස් පරික්ෂවරයෙකු විසින් පැදවූ කැබ්රථයක් ත්‍රීවිලරයක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ අනතුර සිදුව ඇත.


අදාළ පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට නුවර දෙසට තම කැබ් රථය ධාවනය කරමින් සිටියදී ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.


අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් පස් දෙනා තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.


අනතුරෙන් පසු පළායාමට තැත්කළ පොලිස් පරීක්ෂකවරයාට ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහර දී ඇති බව ද වාර්තා වේ.


තුවාල ලැබු පොලිස් පරීක්ෂකවරයා ද කෑගල්ල මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.


බීමතින් රිය පැදවු අදාළ පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.



Post a Comment