දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය වෘත්තීය සමිති විසින් අද මැදියම් රැයේ සිට ආරම්භ කිරීමට නියමිත දුම්රිය වර්ජනයට සමගාමිව රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක ධාවනය අවලංගු කර තිබේ.

ඒ අනූව බදුල්ල, ත්‍රීකුණාමලය, මඩකළපුව හා පලෙයි දුම්රිය ධාවනය අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.


කොළඹ සිට පිට පළාත්වලටත් පිට පළාත්වල සිට කොළඹටත් ධාවනය වීමට තිබූ දුම්රිය කිහිපයක්ද මිට සමගාමිව අවලංගු කර ඇතැයි සඳහන්ය.


මේ අතර යෝජිත දුම්රිය වර්ජනය අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණයේ වෙනසක් නැතැයි දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසයි.



Post a Comment