අධිවේගයේ අනතුරකින් 6ට තුවාලයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 59 සැතපුම් කණුව ආසන්නයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

කුරුඳුගහ සිට කොට්ටාව බලා ධාවනය වෙමින් තිබු කැබ් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයින් 06 දෙනා ප්‍රතිකාර සදහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.


අනතුර සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment