ඉන්දියාවට ලංකාවෙන් තර්ජනයක් නෑ

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනය වන පරිදි ශ්‍රී ලංකාව කිසිදු පියවරක් නොගන්නා බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා පවසයි.

නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින නාවික හමුදාපතිවරයා ඉන්දීය මාධ්‍ය සමග අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇත.


එහිදී ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ඉතා සුහද සබඳතාවක් පවත්වාගෙන යන බවයි.


ඉන්දියාවේ ආරක්ෂාව යනු මෙරට ආරක්ෂාව බව එහිදී නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


චීනය මෙන්ම රුසියාව සහ අනෙකුත් රටවල් සමග ශ්‍රී ලංකාව සුහද සබඳතා පවත්වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත.



Post a Comment