සංජීව යළිත් ෆොන්සේකා පතුරුගහයි

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා රටේ ආරක්ෂක ඇමති ධූරය ඉල්ලා ඇතැයි ඒ මහතාගේ හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් සංජීව සමරසිංහ කියයි.

ඔහු මේ බව කියා සිටියේ අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.


ඌව පළාත් සභා‍ මැතිවරණයේදී ෆොන්සේකාගේ පක්ෂය සෝදාපාළුවට පත්වූ පසු ඒ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ අපේක්ෂකයෙකුට සහය දෙන බව පවසා ඇතැයි සමරසිංහ මහතා කීවේය.


එහිදී ජයගන්නා අපේක්ෂකයා රටේ ආරක්ෂක ඇමතිධූරය ලබාදිය යුතු බවට ඉල්ලීමක් කර ඇතැයිද හෙතෙම පැවසීය.


එසේම ජනාධිපති සමාව යටතේ ෆොන්සේකා මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩදෙන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත්, යම් හෙයකින් ඔහු ජනාධිපතිවරණයට ආවොත් ඔහුගේ බඩගෝස්තරවාදී දේශපාලනය ගැන ජනතාව දැනුවත් කරන බවත්, සමරසිංහ මහතා කීවේය.


ස්වාධීන අපේක්ෂකයෙක් හෝ ඉදිරිපත් කර ෆොන්සේකාගෙන් රටට වන හානිය ගැන හෙළිදරව් කරන බවත්, දැනටමත් එම පක්ෂය ගැන කළකිරී සියයට 60ක් පමණ ඉවත්ව ගොස් ඇති බවත්, හෙතෙම වැඩිදුරටත් එහිදී පැවසීය.


කෑගැල්ලේ මෑතකදී පැවැති රැස්වීමකදී ෆොන්සේකා මහතා තමන් අමුඩ ගස්සනවා යැයි පවසා ඇති බවත්, විවේචන දරාගත නොහැකි නායකයින් රටට වැදගත් නොමැති බව ඉන් පෙන්වාදී ඇති බවත්, ඔහු එහිදී වැඩිදුරත් කියා සිටියේය.



Post a Comment