විග්නේෂ්වරන්ට මෝඩි හමුවන්නැයි ආරාධනයක්

ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙරට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා වෙත ආරාධනයක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මුණගැසීම සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එම සංවිධානය විසින් අදාළ ආරාධනය සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


නිදහස් සිවිල් වැසියන්ගේ මහජන එකමුතුව නැමති සංවිධානයක් විසින් එම ආරාධනය සිදුකර ඇති අතර සී.වී විග්නේෂ්වරන් මහතා එහිදී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත බව ද සඳහන්ය.


කෙසේ වෙතත් සී.වී විග්නේෂ්වරන් මහතා මෙම සංචාරය පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ඉන්දීය පුවත්පතක් වාර්තා කර තිබේ.



Post a Comment