2015 අය වැයෙන් පැනවූ බදු අඩු වැඩිවෙන්නේ මෙහෙමයි

2015 වර්ෂය සඳහා වු අයවැය මගින් යෝජනා කර ඇති ආදායම් බදු ලබන වසරේ අප්‍රේල් මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව රජය පවසයි.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ලබන වර්ෂය සඳහා වූ අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.


එහිදී විවිධ බදු වර්ග පනවා ඇති අතර තවත් බදු වර්ග භාණ්ඩ වලින් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.


එමෙන්ම සහනදායි බදු අනුපාතයන්ද අයවැය මගින් ලබාදී ඇති අතර මෙම බදු වර්ග විවිධ කාලවකවානු තුළ දී ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.


එකතුකළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැඟීමේ බද්ද සහ 2015 ජනවාරී මාසයේ පළමුවැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාවට නංවා තිබේ.


එමෙන්ම සෙස් බද්ද, වරාය හා ගුවන්තොටුපළ බද්ද,රේගු බදු, නිෂ්පාදන බදු සහ විශේෂ වෙළද භාණ්ඩ බදු වහාම බලපැවැත්වෙන පරිදි ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර ඇත.



Post a Comment