අතයටින් ගත් ගුරුතුමිය රිමාන්ඩ්

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරදෙන බව පවසමින් මුදල් ලබාගත් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරියක යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නඩුව යළි කැඳවු අවස්ථාවේ අදාළ සැකකාරිය සිදුකරන ලද තවත් මුදල් ලබාගැනීමක් සහ ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමක් පිළිබඳවද කෑගල්ල පොලිසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.


ඒ අනුව අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් සැකකාරිය ලබන 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


මහනුවර ප්‍රධාන පෙළේ පාසලක පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරදෙන බව පවසමින් රුපියල් හාරලක්ෂ 50,000ක මුදලක් ලබාගැනීමේ චෝදනා මත ඇය පසුගිය 10 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.



Post a Comment