ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විට පක්ෂ කිහිපයක් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති බවයි.
ඉදිරි සතිය තුළ ද විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරිමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බව හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරන බවයි.
කොළොන්නාව ප්‍ර දේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කර තිබේ.
Post a Comment