පන්දහසේ හොර නෝට්ටුවක් සමඟ කතක් දැලේ

කිතුල්ගල, ගිනිගත්හේන තැලිගම ප්‍රදේශයේ දී ව්‍යාජ රුපියල් 5000ක මුදල් නෝට්ටුවක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව විසින් ප්‍රදේශයේ වෙළෙඳසැලකට එම මුදල් නෝට්ටුව ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.


එහිදි අදාළ මුදල් නෝට්ටුව සැකසහිත බැවින් වෙළෙඳසැල් හිමිකරු ඒ පිළිබඳ කිතුල්ගල පොලීසියට දැනුම්දී තිබේ.


ඒ අනුව සැකකාර කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.


බිබිලිඔය ප්‍රදේශයේ පදිංචිකාරියක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



Post a Comment