රුහුණු කුමාරි - ගාලු කුමාරි අවලංගුවෙයි

මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර තිබේ.

කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය එන්ජිමක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගය අවහිර වීම ඊට හේතුවය.


මේ හේතුවෙන් ගාලු කුමාරි සහ රුහුණු කුමාරි දුම්රිය දෙක අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.


ඒ අනූව මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 02.15ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබු ගාලු කුමාරි දුම්රිය අවලංගු කර ඇත.


එමෙන්ම පස්වරු 03.40ට මාතර බලා පිටත්වීමට නියමිත රුහුණු කුමාරි දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.



Post a Comment