පරණ කොත්තමල්ලි අලුත් කර විකුණන ජාවාරමක් - කිලෝ ලක්ෂ 2ක් මාට්ටු

මිනිස් පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි කිලෝ ලක්ෂ 2කට අධික ප‍්‍රමාණයක් කල්මුණේ ප‍්‍රදේශයේදී අද පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය විසින් සිය බාරයට ගෙන තිබේ.

අවපැහැ ගැනුණු මෙම කොත්තමල්ලි පි‍ටකොටුවේ සිට කල්මුණේ ප‍්‍රදේශයට රැගෙන එන අතර පසුව ඊට ගෙන්දගම් යොදා රසායනික ක‍්‍රියාවලියකට භාජනය කර අවපැහැය ඉවත් කරන බව හෙළිව ඇත.


අනතුරුව එම කොත්තමල්ලි නැවත කොළඹට ප්‍රවාහන කර බෙදාහැරීමට කටයුතු කර ඇති අතර මෙම කොත්තලමල්ලි තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව පාරිභෝගික අධිකාරිය කියයි.



Post a Comment