ලක්ෂ 55ක රත්‍තරන් මාට්ටු

නීති විරෝධි අයුරින් මෙරටට රත්‍රං රැගෙන ආ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඊයේ පස්වරුවේ සිංගප්පූරුවේ සිට පැමිණි යු එල් 303 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.


එහිදී ඔවුන් සතුව තිබී කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 100ක් බර රන් බිස්කට් 11ක් රේගු භාරයට ගෙන තිබේ.


එහි වටිනාකම රුපියල් ලක්ෂ 55ක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.


රන් බිස්කට් ගමන් මලු තුළ සඟවා රැගෙන එමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් පුද්ගලයා 32 හැවිරිදි වියේ පසුවන අතර කාන්තාව 28 හැවිරිදි අයෙකි.


අනෙක් පුද්ගලයා අදාළ කාන්තාවගේ සහෝදරයෙකු වන අතර ඔවුන් තිදෙනාම කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.



Post a Comment