තරුණ කොස්තාපල්ගේ මරණය අභිරහසක්ද?

වැල්ලවත්ත පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු තීරයේ ගල්පර අතර තිබී අද (27) පෙරවරුවේ සොයාගෙන තිබේ.

වැල්ලවත්ත, 42 වන පටුමගට ආසන්න මුහුදු‍ වෙරළේ ගල්පර අතර ගොඩගසා තිබූ මෙම මළ සිරුර ගැන ලැබුණු තොරතුරක් මත පොලීසිය එම මළ සිරුරේ අනන්‍යතාවය හඳුනාගෙන ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ ජී.එස් ආරියරත්න (29) නැමැති මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක නිලධාරියෙකි.


මෙම සැකකටයුතු මරණය ඊයේ රාත්‍රී වන්නට ඇතැයි සැක කරන බව පැවසූ පොලිස් මාධ්‍ය ඒකකය වැල්ලවත්ත‍ පොලීසිය ඒ ගැන වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පැවසීය.



Post a Comment