ඇල්පිටියේ මිනීමැරුමක්

ඇල්පිටිය, පහලගොඩ, ගොළුවාමුල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රියේ අදාළ තරුණයාට තවත් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඇත.


එම අවස්ථාවේ දි අදාළ තරුණයාගේ ඥාති සහෝදරියක් එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී ඇය ද පහර කෑමට ලක්ව ඇති බව සඳහන්ය.


පහරකෑමෙන් තුවාල ලැබු ඔවුන් දෙදෙනා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී අදාළ තරුණයා මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.


මියගොස් ඇත්තේ 26 හැවිරිදි ඇල්පිටිය, වල්ලඹගල කුරුපැල්පල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.


අදාළ තරුණයා ඔහුගේ මවගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකරු පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



Post a Comment