හෙළ උරුමය අදත් අරලියගහ මැදුරට!

ජාතික හෙළ උරුමය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජාතික හෙළ උරුමය විසින් රජයට ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරණ මතය පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණය.


ඊයේ පස්වරුවේ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව රැස් වු අතර මෙම සාකච්ඡාව පිළිබඳ යෝජනාව මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇති බව සඳහන්ය.


ජනාධිපතිවරණයකට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු යැයි ජා.හෙ.උ පසුගියදා ජනපති මහින්ද හමුවී යෝජනාවලියක් දුන් අතර ඊට පිළිතුරුදීමට ජනපති කල් ඉල්ලා සිටින ලදී.


ආණ්ඩුව තම යෝජනාවලියට පැහැදිලි පිළිතුරක් නොදී ක්‍රියා කළ හොත් ජනපතිවරණයට වෙනත් අ‍පේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ජාතික හෙළ උරුමය කියා සිටියේය.



Post a Comment